අද වනවිට ඒ කියන්නේ විසිඑක්වෙනි සියවසේදී සිංහලයා තමනුත් , තමන්ගේ ආගම,ජාතිය පිළිබදවත් සිතන්නේත් , කටයුතු කරන්නේත් මහත්වූ හීන මානයකිනි. ඒත් ඔව්න් දන්නේ නැහැ ලොකයේ අනෙකුත්මහා ශිෂ්ඨාචාර වලට වගේම අපටත් ඒ මහා ශිෂ්ඨාචාර වලට නොදෙවෙනි වූ අනන්‍යතාවයක් තිබෙන බව. අපි ඒ ගැන ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතුනා, සිංහලයාට අද ඉංග්‍රීසි බේත් නැතුවම බැරිය . කෑම බීම වලටත් වඩා බෙහෙත් පෙති වලට ඇබ්බැහි වෙච්ච ඒත් හැමදාම ලෙඩින් ඉන්න ලංකාවේ මිනිස්සු සිංහල වෙදකම අමතක කර දැමිමේ විපාක විදිමින් සිටිති.ලෝකය තුල මහා ශිෂ්ඨාචාර ගොඩනැගූ සැම ජාතියකටම තමන්ට අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් තිබිණ. අද සිංහලයෝ සිතන්නේ ලොව තිබෙන හොදම ක්‍රමය තියෙන්නේ යුරෝපය ඇතුළු බටහිර රටවල කියාය . එසේ සිතා සිංහලයා තමා පාරම්පරිකව ගෙනා සිංහල වෙදකම සම්පූර්නයෙන්ම අමතකකර දමා ඇත. බටහිර වෛද්‍යක්‍රමය නරකනැත . නූතන සමාජය තුල ඇති චින්තන රටාවට හා තාවකාලික ජීවිතවලට අනුව එය හොදය , නමුත් අප කළයුත්තේ සිංහල බෙහෙත් වට්ටෝරු කුණු කූඩයට දැමීම නොව , එම බෙහෙත් වට්ටෝරු නුතන තාක්ෂනය සමග මුසුකළයුතුයි,එවිට බටහිර ඇලොපති , හෝමියෝපති ක්‍රම වලට වඩා උසස් වෛද්‍ය ක්‍රමයක් පෙරදිගින් සොයාගත හැකිවෙවි.
මෙවන් පසුබිමක ඔබගේ සෞඛ්‍යය ගැටළු වලට ප්‍රතිකාර කිරීමේදී මුදලත් සෞඛ්‍යයත් දෙකම රැකගැනීමට සහ රෝගය නිට්ටාවට සුවකරගැනීමේ මහගු අවස්ථාව ආයුර්වේද වෛද්‍ය කර්මය තුලින් විදගත හැක්ය. නමුත් අවාසනාවකට සිදුවනුයේ මෙම ප්‍රතිකාරය වැඩිපුරම ලබාගන්නේ විදේශිකයින් වන අතර ඔවුන්ද පූර්ණ ප්‍රතිකාරය නොලබන්නේ ප්‍රතිකාර කරන්නන් වෙදකමට වඩා මුදලට ආකර්ශණය වන නිසාය. ශ්‍රි ලාංකිකයින් ලෙස ඉපිද මෙබදු වෙදකමක පහස නොවිදින්නෝ සැබවින්ම පව්කාරයෝ වන්නේය. පුරාණ කාළයේ ගෙදර දොරේ වැඩ කටයුතු සඳහා ගෙදර වෙසෙන්නන් විසින්ම වෙහෙස මහන්සිවී නොයෙකුත් කටයුතු සිදුකළ අතර ඇග වෙහෙසවන අයගේ ගේ ශරීරයේ ක්‍රියාකාරකම් සාමාන්‍ය අයුරින් සිදුවන අතර හෝමෝන විකෘතිකා ඇතිනොවේ. නමුත් වර්ථමානයේ මනස පමණක් වෙහෙසවන අයගේ හොමෝන වෙනස්කම් පැහැදිලිවම රෝගාබාධ වලට බලපාන බව පෙන්වාදිය හැක. මේ සදහා බටහිර වෛද්‍ය ක්රමයේ හදුන්වාදෙනු ලබන ප්‍රතිකාර සිදුකරනුයේ හුදෙක් රෝග ලක්ෂණ වලට පමණි. එමගින් අතුරු ආබාධ ඇතිවීම නොවැලැක්විය හැකි අතර එය ප්‍රතිකාර කළ වෛද්යවරයායේ අඩුපාඩුවක් හෝ නොසැලකිල්ලක් නොවේ. ව්ශේෂයෙන් කාන්තාවන් පිළිබද සැලකිළිමත් වීමේදී නූතන උපකරණ නිසා කාන්තාවන්ගේ ගේ දොර වැඩ කටයුතු වලදී ලැබෙන ව්‍යායාම් අවම වුවත් ඒ සමඟම පැමිනෙන රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මේ නිසා ආහාර, ව්‍යායාම පමණක් නොව මානසික තත්වය ද කාන්තා රෝග කෙරෙහි හේතුවන බැවින් මෙම කරුණූ කෙරෙහි දැඩි අවධානයක් යොමුකිරීම කාන්තාවන්ගේත්, ඒ තුළින් නිරෝගී දරු පරපුරක් හිමි සමාජයක් ගොඩනැගීමේත් මූලික පියවර වේ.මාසික ආර්ථවය සම්බන්ධ සියළු ගැටළු වලදී ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවල විශිෂ්ඪත්වය හා අතුරු ආබාධ ඇති නොවීම නිසා එම ප්‍රතිකාර පිළිබද ඔබේ අවධානය යොමු කිරීමට වඩාත් යෝග්‍ය වේ. මේ සඳහා හෝමෝන භාවිතා කිරීමට වඩා ආයුර්වේද ප්‍රතිකාර ලබාගැණිම යෝග්‍ය බව සඳහන් කළ හැකිය.

එසේම රෝගියා වෛද්‍යවරයා කරා පැමිණිය යුත්තේ ඔහු කෙරේ පූර්ණ විශ්වාසයකින් යුතුවය. වෛද්‍ය වරයා විසින් රෝගියාව(ස්ත්‍රී පුරුෂ බව/වයස) හා රෝගී ලක්ෂණ බාහිරව හඳුනාගැනීම සිදු කරනලැබේ. ප්‍රතිකාර කිරීම අරඹන්නේ නම් රෝගය හඳුනාගැනීම ප්‍රධාන වන අතර වෛද්‍යවරයා නිසි ලෙස රෝගය හඳුනා නොගෙන ප්‍රතිකාර නියම කළොත් චිකිත්සා කර්මය එතැනින්ම අවසන් වෙයි.රෝගය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර විනිශ්චය කිරීම සඳහා ෂඩ් විධ පරීක්ෂා ක්‍රම ගැන පැහැදිලි කෙරෙන්නේ මෙතෙන්දී.
01. දෘෂ්ඨි පරීක්ෂාව
02. ඝ්‍රාණ පරීක්ෂාව
03. ශ්‍රවණ පරීක්ෂාව
04. ජිහ්වා පරීක්ෂාව
05. ස්පර්ෂ පරීක්ෂාව
06. ප්‍රශ්ණ පරීක්ෂාව
දෘස්ඨි පරීක්ෂාවෙදි රෝගියාගේ බාහිර නිරීක්ෂණ අනුව රෝගය හඳුනාගැනීම සිදුකෙරෙනවා.එහිදී තැලුම්, තුවාල,කුෂ්ඨ, අර්ශස් ආදී දේවල් නිරීක්ෂණය කළ හැකියි.ඝ්‍රාණ පරීක්ෂාවෙදි වෙන්නේ වෛද්‍යවරයාගේ නාසයට දැනෙන දේ මඟින් රෝගියාව හඳුනා ගැනීම. සමහර වෙලාවට රෝගියාගේ මළ, මුත්‍රා, දහදිය ආදියත් මේ පරීක්ෂාවට භාජනය කෙරෙනවා.කණ ආශ්‍රිතව රෝග හඳුනාගැනීම ශ්‍රවණ පරීක්ෂාවට අයත්. රෝගියාගේ හෘද ශබ්ද,ගර්භණීන්ගේ භ්රෑණ ශබ්ද, හෘද කපාට වල ආබාධ, ගර්භ සංකූලතා හඳුනාගන්න මෙමඟින් පුලුවන් වෙනවා.අතීතයේදී බාහිරව කණට නොදැනෙන සියුම් ශබ්ද පරීක්ෂාව සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් විශේෂ උපකරණයක් භාවිතා කර ඇත. එහි තාක්ෂණ දිගුවක් හැටියට තමයි අද භාවිතා වන වෙද නලාව (stethoscope) නිර්මාණය වෙලා තිබේ. රෝග විනිශ්චයට දිව උපයෝගී කර ගැනීම වෙනුවට රැධිර,මළ,මුත්‍රා,සෙම ආදිය තාක්ෂණික ක්‍රම මඟින් පරීක්ෂාව තමයි වර්තමානයේදී සිදුවේ.ඒත් අතීතයේදී ජිහ්වා පරීක්ෂාව යටතේ මේවා දිව ගා බැලීමෙන් රෝග හඳුනා ගෙන තිබේ. ඊළඟට බොහෝම වැදගත් පරීක්ෂාව වන ස්පර්ශ පරීක්ෂාව සිදු කෙරේ. ගෙඩි, කුෂ්ඨ, කැඩුම් බිඳුම්,වාතරක්ත, උණ වගේ රෝග හඳුනාගැනීම සඳහා මේ ක්‍රමය යොදා ගැනේ. මේ සියඵ පරීක්ෂාවන් වලට අසු නොවුණු රෝගියාට පමණක් දැණෙන වෙනත් අපහසුතා (වේදනාවන්, දැවිලි, කැසීම්,හා රෝග මතුවුණු කාල සීමා ආදිය) ප්‍රශ්ණ පරීක්ෂාවේදි තහවුරු කර ගන්න හැකිය. මේ කාරණා වලට අමතරව දේශීය ආයුර්වේද වෛද්‍යවරයා තවත් හොඳම පරීක්ෂාවකට රෝගියාව ලක් කරති. ඒ තමයි නාඩි පරීක්ෂාව වන අතර පුද්ගලයකුගේ රුධිරයේ සංසරණ ක්‍රියාවලිය ට අදාල රටාවන් වල වෙනස්කම් අනුව රෝග නීර්ණය කිරීම මෙහිදී සිදු කෙරෙනු ඇත. ඇතැම් විට ඉහත ෂඩ් විධ පරීක්ෂාවන්ට හසු නොවන රෝගියාද නොදන්නා නිදන්ගත රෝග තත්වයන් මෙහිදී හඳුනාගන්න හැකිය. කාන්තාවන් හට ආර්තවය මසකට දෙවරක් ඇතිවීමට හෝ ආර්තවය දින 20 ක් 30 ක් හෝ ඊටත් වඩා කාලයක් පැවතීමට සිදුවිය හැකි වේ. අප රටේ බොහෝ කාන්තාවන් මෙම රෝග පිළිබඳව ප්‍රකාශ කිරීමට අකමැති අතර මෙම තත්වයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමද අතපසු කරති. ඒ හේතු වෙන් ඔවුනට රක්තහීනතා තත්වයන්ට ගොදුරු වීම හෝ වෙනත් උපද්‍රව තත්වයන්ට ගොදුරු වීමට පුළුවන. කාන්තාවන් අනවශ්‍ය රෝම ඉවත් කිරීමට සහ ගෙල කිහිළි ඉකිළි ප්‍රදේශ අධිකව කළුපැහැය ඉවත්කිරීමට අධිකව මුදල් වියදම් කිරීමට පෙර සිතියයුතු කරැනකි. නමුත් බටහිර වෛද්‍යකර්මයේ රූපලාවන්‍ය කටයුතු සදහා මෙවැනි ක්‍රම භාවිතා නොකරන අතර බාහිරින් සිදුකරන ඇලේපන අධිකය.

එහෙයින් ඔබගේ සෞඛ්‍යය ගැටළු වලට ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට අදහස් කරයි නම් ඒ පිළිබදව පහත කොටස පුරවා වෛද්‍යවරිය වෙත එවීමෙන් ඒ සදහා දිනයක් හා වේලාවක් වෙන්කර පැමිණ ප්‍රතිකාර ලබාගන්න. තැපැල් මගින් හෝ e-mail මගින් ප්‍රතිකාර කරනු නොලැබෙන අතර එවන් සේවයක් ආයුර්වේදය තුලද නොමැත.